මිජවුම් සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය

'මිජවුම්' සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට ගමන්කරනු ඇති à¶¶à·€ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය à¶šà¶» à¶­à·’à¶¶à·š.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන පරිදි එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන්කර දෙසැම්බර් 05 වනදා දකුණු අන්ද්‍රා à¶´à·Š‍රදේශයේ වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවය.

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින 'මිජවුම්' සුළි කුණාටුව අද (03) පෙරවරු 11.30à¶§ යාපනයේ සිට කිලෝමීටර් 320à¶š පමණ දුරින් පැවති à¶¶à·€ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

අද පෙරවරුවේ නිකුත් à¶šà·… රතු නිවේදනයක් මගින් දැනුම් දී සිටියේ ඉදිරි පැය 48 ඇතුළත මන්නාරම කන්කසන්තුරය à¶­à·Š‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු à¶´à·Š‍රදේශවල ධීවර කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසටය.

එමෙන්ම ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් à¶­à·Š‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්

එම à¶´à·Š‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75à¶§ වැඩි තරමක තද වැසි තත්ත්වයක් ද ඇතිවිය හැකි බවය.

සෙසු à¶´à·Š‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි à¶¶à·€ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය .

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

menu
menu