ත්‍රස්ත  සංවිධානයට සම්බන්ධ තවත් සැකකරුවන් 02 ක් අත්අඩංගුවට

ISIS සංවිධානයට සම්බන්ධතා ඇති බවට සැකකෙරන සැකකරුවන් දෙදෙනෙකු හලාවත, දැදුරුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්.
අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, දැදුරුඔය කුම්බුට්ටුකුලිය ප්‍රදේශයේ ඔවුන්ගේ ඥාති නිවසක සිටියදීයි.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් එම සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවටයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
menu
menu