දෙවන පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට දසුන්ගෙන් සුපිරි පන්දු යැවීමක්

අයර්ලන්ත කණ්ඩායම සමග පැවති දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41 ක ජයක් ලබා ගැනිමට ශ්‍රී කණ්ඩායම ඊයේ සමත් වුණා .තරගය ඇමරිකාවේ ලෝඩර්හිල්හිදී පැවැත් වුණා
පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තයට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 122ක් පමණි.
බිඳවැටුණු අයර්ලන්ත ඉනිමේ ඉහළම ඉනිම කර්ටියස් කැම්පර් වාර්තා කරද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක සුපිරි පන්දු යැවීමක නිතර වුණා
පන්දුවාර 3.2 පමණක් යොමුකළ දසුන් අයර්ලන්ත ඉනිමේ කඩුලු 04ක්ම දවාගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් ඔහු ලබාදුන්නේ ලකුණු 23ක් පමණි.
දසුන්ට අමතරව මහීෂ් තීක්ෂණ (2/14), වනිඳු හසරංග (2/40), මතීෂ පතිරණ (1/13) හා දුෂ්මන්ත චමීර (1/19) කඩුලු දවාලමින් දක්ෂතා දැක්වූහ.
මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පුහුණු තරග දෙකම අවසන් විය. ඉන් ඔවුන් ක්‍රීඩාකළ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලකුණු 20කින් පරාජය විය.
ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සිය පළමු තරගය ජූනි මස 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි
menu
menu