සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (01) අළුයම නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතද ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බව සඳහන්ය.

දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර අද (01) දිනයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට සිසුන්ට අවස්ථාව සලසා දී තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 472,553 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 394,450කි.

menu
menu