වත්මන් රජය ගමන් කරන්නේ ඒකාධිපති පාලනයක් වෙත - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් -   

වත්මන් රජය ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් පෙන්වා දෙන ලදී.

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ අද (04) නාවල පිහිටි නිදහස් ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් සමඟ එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල මන්ත්‍රී ජී.එල්. පීරිස් පෙන්වා දුන්නේ, ඉහල තනතුරු වලට නිලධාරීන් පත් කිරීමේදී ව්‍යවස්ථා සභාවට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන නමුත්,දැන් එය විධායකයේ බලයට ගහනය වී ඇති බව ය.

ජනාධිපතිවරයා හා ව්‍යවස්ථා සභාව අතර මත ගැටුම් පවතින බවත්, ව්‍යවස්ථා සභාවෙහි ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිදු නීතිමය බලයක් හිමි නොවන බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව අදහස් පළකරමින් හෙතෙම පෙන්වා දුන්නේ එම ස්වාධීන කොමිෂන් සභා වර්තමානයේ දී නාමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවය.

මන්ත්‍රී ජී.එල්. පීරිස් මැතිවරණය පිළිබඳව ද ස්වකීය මතය දැක්වූයේය.

මැතිවරණ කොමිසන් සභාවේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම රජය විසින් ඕනෑකමින් කල් දමන බවත්, ජනාධිපතිවරයා නොයෙකුත් උපක්‍රම දමා පළාත් පාලන මැතිවරණය කල් දැමූ බවත් සඳහන් කරන ලදී.

මෙවැනි හේතු මත අසම්පූර්ණ මැතිවරණ කොමිෂන් සභාව සාධකයක් කරගනිමින් ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීමට යනවද? යන සාධාරණ සැකයක් මතුවන බව ප්‍රකාශ විය.

මන්ත්‍රීවරයා දැක්වූයේ වර්තමානයේ විධායකය ඒකාධිපති ස්වරූපාවතරණයකට පත්ව ඇති බවය.

එම ඒකාධිපතිත්වය විසින් ස්වාධීන ආයතන ආක්‍රමණය කරනු ලබන බවත්,වර්තමාන කැබිනට් මණ්ඩලය දැන් නාමමාත්‍රික වෙමින් පවතින බවත්, වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට උත්සහ කරන බවත්,එය නීති විරෝධී බවත් මන්ත්‍රී ජී.එල්. පීරිස් විසින් පෙන්වා දෙන ලදී.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය පිළිබඳව අදහස් පළ කිරීමක් ද සිදුවිය.

එහිදී විශාල සමාජ විරෝධයකට ලක් වූ විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත යනාදිය යළිත් කරළියට ගෙන එමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට රජය නොයෙකුත් උපක්‍රමික ක්‍රියාමාර්ග ගනු ලබන බව පෙන්වා දුන් මන්ත්‍රී ජී.එල්. පීරිස් කියා සිටියේ

එමගින් ප්‍රජාතන්ත්‍රවාදය අඩිතාලම දෙදරීමට ලක්ව ඇතිබවය.

menu
menu