ඇමති හරීන් ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කරයි  

ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජික පත්කිරීමක් සිදුකර තිබේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඔහුට හිමි බලතල අනුව එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතී ධූරයට, විශේෂඥ ශල්‍ය වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත්කර තිබේ.

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු හෙබවූයේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය සදහා පත්කර ඇත්තේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ය.

menu
menu