කැලණිය විශ්ව විද්‍යාලය වසා දමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවය.

ඒ අනුව අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ හෙට (05) උදෑසන 5ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවය.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇත.

menu
menu