මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 07 කට රතු බිල්

සමස්​ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 7 කට පමණ රතු බිල් නිවේදන නිකුත් කර ඇති බවද විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

එමෙන්ම විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 65 ක් පමණ නිසි පරිදි විදුලි බිල් නොගෙවන්නන් බව අනාවරණය වී තිබේ.

සමස්ත විදුලි පාරිභෝගික ප්‍රමාණයෙන් රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ 10% පමණ මට්ටමේ ප්‍රතිශතයක් සලකා බලා බවත්, එයින්ද විදුලි විසන්ධි කිරීම දක්වා යොමු වන්නේ 1% කට පමණක් බවත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ප්‍රකාශ කර සිටියේය.

විදුලි බිල අඩු වූවත්, වැඩි වූවත් බිල නොගෙවන පිරිසක් සිටින බවද, විදුලි බිල් නොගෙවා සිටීම අද ඊයේ ඇතිවූ දෙයක් නොව, සැමදා පැවතුනු දෙයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෑත කාලීනව දිගින් දිගටම සිදුවූ විදුලි බිල වැඩිවීමෙන් පාරිභෝගිකයාට යම්කිසි අපහසුතාවයක් ඇති බව සැබෑ නමුත් මේ ආදායම එකතු කරගත යුතු බවත්, බිල් වැඩි කර ඇත්තේ ආදායම වැඩි කරගැනීමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

menu
menu