බදු වැඩි වෙන එකෙන් ජනතාව සතුටු ඇති - පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න -  

වැට් බද්ද වැඩි කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ජනතාව සමඟ සංවාදයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, වැට් බද්ද අඩු කරන විට ජනතාව කවුරුත් හොඳක් නොකියූ අතර ආර්ථිකය කඩා වැටීමට හේතුව වැට් බද්ද අඩු කිරීම බවට චෝදනා කළ බවත්

ඒ අනුව වැට් බද්ද අඩු කිරීම ගැටලුවක් නම් වැට් බද්ද වැඩි කිරීම හොඳ දෙයක් වනු ඇති බවට ඔවුන් සිතනු ඇති බවයි .


පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සඳහන් කරන්නේ, අඩු කිරීමේදී ද බැනුම් අසා වැඩි කිරීමේදී බැනුම් ඇසීමට හැකියාවක් නොමැති බවයි.

menu
menu