ජනපති යලි දිවයිනට

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 30 වන දින පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සමුළුව ඇමතූ අතර දේශගුණික යුක්ති සංසදයක් සඳහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමුළුවේදී සිදු කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවය.

menu
menu