රුසියානු හමුදා ලොක්කෙක් මරුට

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේජර් ජෙනරාල් ව්ලැදිමීර් සැවැඩ්ස්කි රුසියානු 14වැනි හමුදා සේනාංකයේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

යුක්‍රේනයේ සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක් අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් පසු රුසියානු හමුදාවේ උසස් නිලධාරීන් 12 දෙනෙක් යුද පිටියේදී මරණයට පත්ව ඇති බව සඳහන් ය.

menu
menu