විරෝධතාකරුවන්ට අධිකරණයෙන් වාරණයක්

පොල්දූව මංසන්ධියේ, පාර්ලිමේන්තු වටරවුම අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ලෙස පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වාලමින් ගුරු – විදුහල්පති සංගම් නියෝජිතයින්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.

අද (05) දින කාර්යාල දිනයක් බැවින් ජනතාවට සිදුවිය හැකි අපහසුතාවය සලකා බලා අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

ගුරු විදුහල්පති සමිති සංධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනෙකු වෙත එම අධිකරණ නියෝගය ලබාදී තිබේ


menu
menu