අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කරනවාට වඩා පවතින විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය  ඉහල දැමීමයි වැදගත් - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් -  

අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කරනවාට වඩා, පවතින විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය ඉහල නැංවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්. පිරිස් අද (05) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බුද්ධි ගලනය ඉහළ ගොස් ඇති බව ය.

එතුමා වැඩිදුරටත් සඳහන් කලේ,

" අපේ රටේ දැනට තියෙනවා විශ්ව විද්‍යාල 17ක් විතර. මේවාට ඉතාම කීර්තිමත් ඉතිහාසයක් තිබුනා. ඒ විශ්වවිද්‍යාල වල තත්ත්වය ගුණාත්මකභාවය රැකගැනීම තමයි ගරු ඇමතිතුමාගේ ප්‍රධාන වගකීම වන්නේ මම දකින හැටියට. හැබැයි මේ , අය වැය ලේඛනයේ කතාවේ දී ගරු මුදල් ඇමතිතුමා කිව්වා අළුත් ආයතන රාශියක් ස්ථාපිත කරනවා කියලා.

අලුත් විශ්ව විද්‍යාල 04ක්. සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමණාකරණ හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය. ඒ හැරෙන්න පුද්ගලික උසස් අධ්යාපන ආයතන 04ක් විශ්ව විද්‍යාල බවට පත්කරනවා කියලා එතුමා කිව්වා.NSBM, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, Horizon Company, Royal Institute. මේ සියල්ලටම අමතරව පළාත්සභා වලට බලතල දෙනවා විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට.

ප්‍රශ්නය වෙන්නේ මේ ආයතන රාශියට ගුරුවරුන්, ආචාර්යවරුන් හොයන්න පුළුවන් ද? භෞතික පහසුකම් තියෙනවාද? අන්න ඒ ප්‍රශ්නය ඉතාම උග්‍ර ලෙස ජනිත වන බව මම විශ්වාස කරනවා. එක විශ්වවිද්‍යාලයක දේශන පැවැත්වීම කරගෙන යාම ඉතාමත් අමාරුයි. ඒ විශ්ව විද්‍යාලය ආරාධනා කරලා තියෙනවා කවුරු හරි ඇවිල්ලා කැමතිනම් අවුරුද්දක් සේවය කරන්න කියලා. මාස 06ක් සේවය කරන්න. කරුණාකරලා එන්න කියලා එම විශ්ව විද්‍යාලය ආරාධනා කරලා තියෙනවා.

එවන් තත්ත්වයක් තුල පවතින විශ්වවිද්‍යාලයේ තත්ත්වය ඒක නම් අලුත් විශ්වවිද්‍යාල හෝ ආයතන විශාල සංඛ්‍යාවක් ස්ථාපිත කරලා ගුණාත්මකභාවය රැකගැනීමට පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා"

menu
menu