අද දවසේ කාළගුණ‍ය

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.à·€. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

menu
menu