නිදහස් උත්සව වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

අද(03) පස්වරු 2.00 සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

ඔහු පැවසුවේ හෙට පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය නිමාවන තුරු එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු පැවසුවේ රටින් බැහැරවීම සඳහා කටුනායක බලා යන පුද්ගලයින්ටද ඊට අදාළ පහසුකම් සලසන බවයි.

මේ අතර, හෙට උදෑසන 5 සිට පෙරවරු 9 දක්වා මුදුහුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, මහලේකම් කාර්යාලය, කොල්ලුපිටිය හා බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් සමරු උත්සවය හේතුවෙන් ය.

menu
menu