ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත්

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03)දෙවැනි දිනටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 198ක් පමණයි.

විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තේ ය.

අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.

ඊයේ දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ශ්‍රී ලංකාව කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 80කි.

menu
menu