සනත්ගේ බිරිඳ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

කටුනායක අධිවේගී මාර්ගයේ දී සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පුත්තලම දිස්ත්‍රික්කයට සිදු කරන ලද මෙහෙවර ඉදිරියට ගෙන යෑම සඳහා ගැනීමට සැරසෙන මෙම තීරණය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ කැමැත්ත හිමි වී ඇති බව සඳහන්ය.

මෙම සාකච්ඡාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ය.

ඔවුන් දෙදෙනාගේද ආශිර්වාදය ඒ සඳහා හිමිවුවහොත් එම යෝජනාව පක්ෂ මධ්‍යම කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇයට මන්ත්‍රී ධූරය ලබා දීම පිණිස ඉල්ලා අස්වීමටද කිහිප දෙනෙක් කැමැත්ත පළ කර ඇති බවය.

menu
menu