කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු පැමිණීම ප්‍රතික්ෂේප කරයි

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද (7) සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න කෙහෙළිය රඹුක්වැල්ලව පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවා තිබෙන නමුත්,

බන්ධනාගාර අරාංචි මාර්ග සඳහන් කරන්නේ, හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

menu
menu