හිටපු නාවික හමුදාපති සජබය සමඟ එක්වෙයි

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි සමගි ජන බලවේගය සමඟ එක් වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමඟ එක්විය.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායකවරයා විසින් ඔහුව සමගි ජන බලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගන්නා ලදී.

menu
menu