වාහන ආනයනය ගැන රජයෙන් දැනුම් දෙයි

පවතින ආර්ථික අර්බුදය මත මෝටර් රථ ආනයනය කලකට සිදු කිරීමට හැකියාව නොලැබෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආනයන නීති ලිහිල් යුත්තේ ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

‘මේ තිබෙන විදේශ විනිමය අර්බුදය තුළ අදියරගතව, ඉතාම සැලසුම් සහගතව, සූක්ෂම ලෙස තමයි ආනයන පාලන නීති ලිහිල් කරන්නේ. උදාහරණයක් වශයෙන් මොටර් රථ වාහන යනාදිය ආනයනය කරන්න තව කාලයකට පුළුවන්කම ලැබෙයි කියලා මම පුද්ගලිකව හිතන්නේ නැහැ’

menu
menu