වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ පසුගිය ජනවාරි මස 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදිය.

මෙම ඉල්ලා අස්විමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. රත්නායක මහතා විසින් නිකුත් කරන ලදී.

ඉන් අනතුරුව ඔහුට සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යධූරයද පිරිනමා තිබේ අතර,

එදිනම ඔහු වාරිමාර්ග හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.

එයට අදාළ ගැසට් නිවේදනයද ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

menu
menu