හෙට ජල කප්පාදුවක්

හෙට (10) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට (10) පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

menu
menu