නව කැලණි පාලම වැසේ

නව කැලණි පාලම ලබන සඳුදා උදෑසන 5.00 දක්වා වසා තැබෙන බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ 9 සිට පාලමේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් එලෙස වසා තැබෙන බවයි.

කෙසේ වෙතත් කොළඹ දෙස සිට කටුනායක දෙසට මෙන්ම කටුනායක සිට කොළඹ දෙසට ගමන් කළ හැකි අතර, වරාය දෙසට ගමන් කිරීමට නොහැකි බව පොලිසිය සඳහන් කළේ ය.

menu
menu