පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ බටා දීමනාව අද සිට

පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ බටා දීමනාව අද(13) සිට ගෙවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, 2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව අද සිට ගෙවීමට කටයුතු කරන බවයි.

ඒ අනුව මෙතෙක් හිමි වූ දීමනාවට අමතරව අයවැය මගින් ඉහළ දැමූ දීමනාවෙන් අඩක් හෝ කඩිනමින් ලබා දීමට නියමිත ය.

ඒ අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල් 17,000 ක් ලෙස ලැබුණු එම දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට නියමිත අතර, ඉන් 50% ක හෝ මුදලක් කඩිනමින් ලබා දීමට සැලසුම් කර තිබේ.

menu
menu