ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන අදහස් හුවමාරු කරගෙන තිබේ.

එහිදී ඇය මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට පොරොන්දු වූ බව නිවේදනයක සඳහන් වේ.

ප්‍රජාතාන්ත්‍රික පාලනය, උපදේශාත්මක නීති ක්‍රමවේදයක ඇති වැදගත්කම යන කරුණු සම්බන්ධයෙන් ද ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබුණි.

එසේම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීම යන අංශ කෙරෙහි අමෙරිකාව සිය සහාය දෙන බව පෙන්වාදී ඇති පවර් මහත්මිය, ජනපති වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ඔන්ලයින් පනත ගැන මතුව ඇති ගැටලු සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ලෙසය.

එමෙන්ම එම පනත මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස ඇය ඉල්ලා තිබුණාය.

menu
menu