ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඇරයුමකට අනුවයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණෙන බවයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 21 වැනිදා යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

මේ අතර, ඉරාන යුද නෞකා දෙකක් පසුගියදා දිවයිනට සේන්දු විය.

ඒ, දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ය.

එම නෞකා අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

menu
menu