විදුලි බිල ගැන අලුත්ම තීරණය

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

"පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක් ගත්තා විදුලිබිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව ලබාදීලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශවයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා, දකින ගැටලු ගැන අපිට තොරතුරු දෙන්න කියලා. එම සාකච්ඡාවට විවිධ පාර්ශව සම්බන්ධ වුණා. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඉංජිනේරු සංගම්, ඉංජිනේරුවන් වගේම විදුලිබල කේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයින් ඇතුළු 40කට ආසන්න පිරිසක් යෝජනා ලබාදුන්නා. ඒ වගේම පසුගිය 15 වෙනිදා මහජන උපයෝගීතා කොමිසම මහජන අදහස් සඳහා විවෘත කළා එහිදී ද යම් යම් අදහස් ලබාදීලා තියෙනවා. ඒ අනුව අදහස් දෙකම එකතු කරලා අපි උපදෙස් දීලා තියෙනවා මේ වසරේ යම් යම් වියදම් පුරෝකථනය කරලා තියෙන්නේ පසුගිය වසර 4ක කාලය තුළ නඩත්තු කටයුතු මේ වසරේ අවසන් කිරීමට. ඒ අනුව මේක මේ වසරේ සිදුනොකර ඉදිරි වසර 3 සඳහා මුදල් වෙන්කිරීම සිදුකිරීමට කටයුතු කරන්න උපදෙස් දුන්නා. ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අයක්‍රමය ගැන යෝජනාව බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය ලබාදෙන්න කටයුතු කරයි."

menu
menu