ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන අවසන් T20 ක්‍රිකට් තරගය අද

සත්කාරක ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග අද (21) පැවැත්වේ.

මෙම තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකාව මේ වනවිටත් ජය තහවුරු කරගෙන අවසන්ය.

ඒ අනුව අද තරගය ජය ජයහොත් වසර 5කට පසුව පුර්ණ තරගාවලි ජයග්‍රාහණයක අභිමානය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂයන්ට ලබා දීමේ අවස්ථාව උදා වනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් අවසන් වරට පුර්ණ ලෙස ජය ගෙන ඇත්තේ 2019 වසරේදී පකිස්ථානයට එරෙහිවයි.

කණ්ඩායම් දෙකේ වෙනස්කම් පිළිබඳව මෙතෙක් වාර්තා වන්නේ නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේ, මෙම තරගයේ ද සියලු ප්‍රවේශ පත්‍ර අළෙවි වී අවසන් බවයි.

තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

menu
menu