විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක  ධුරයෙන් ඉල්ලා අස්වෙයි  

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් තමන් පළ කළ අදහස් සම්බන්ධව යම් ජන කොට්ඨාශයකට සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ සම්බන්ධව තමත් බලවත් කනගාටුව පළ කරන බවත් ඒ අනුව, තමන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වන බවටත් සඳහන් කරමින් ඔහු නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය 20 වෙනිදා මෙරට පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු පවසා තිබුණේ, ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට හැකි බවයි.

මේ අතර, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබේ.

menu
menu