පිළිකා කාරක අඩංගු ක්‍රීම් වර්ග බෙදා හැරි ස්ථාන වටලයි
![](https://slbreakingnews.com:443/admincontent/news_img/[20881280465d6f3efa0c27]-9158738_why should you avoid fairness cream.jpg)
මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් හතරක් වටලා ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
එම වෙළඳසැල් වලින් එලෙස බෙදා හැරි විවිධ ආලේපන වර්ග 1143 ක් ද සැකකාර ව්‍යාපාරිකයන් සමග පොලිස් භාරයට ගෙන ඇත
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණයන්ට අනුව මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයන් ඇති කරන රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන වර්ග විශාල වශයෙන් මෙම වෙළඳසැල් වලින් බෙදා හරින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම් සිදුකර ඇත
එක් වෙළඳ සැලක තිබී මිනිස් සිරුරට අහිතකර රූපලාවන ආලේපන 735 ක් සමග කලගෙඩිහේන තිහාරිය පදිංචි වයස අවුරුදු 45ක සැකකරුවෙකු , අනික් වෙළඳ සැලේ තිබී ආලේපන වර්ග 32 ක් සමග මොරටුව මෝදර පදිංචිකරුවෙකු , තෙවන වෙළඳ සැලේ තිබී ආලේපන වර්ග 109 ක් සමග වත්තල පදිංචිකරුවෙකු හා සිව්වන වෙළඳසැලේ තිබී ආලේපන වර්ග 267 ක් සමග වත්තල අක්බාර් ටවුන්හි පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත