අධික උණුසුම නිසා සිසුන්ට රෝගාබාධ වැළඳීම ඉහළට

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට රෝගාබාධ වැළඳීම ඉහළ ගොස් ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පවසයි.

මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටි.

මේ අතර අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව

  • සිසුන්ට අවශ්‍ය තරම් පානීය ජලය සැපයිය යුතුයි.
  • පාසල්වල ප්‍රමාණවත් පරිදි ජලය නොමැති නම් ඒ සඳහා විකල්ප ක්‍රමවේද යෙදිය යුතුවේ.
  • පන්ති කාමරවලට වාත්‍රාශය ලැබෙන පරිදි දොර ජනෙල් විවෘතව තැබිය යුතුය.
  • තට්ටු ගොඩනැගිලි සහ ටකරන් වහල සහිත අධික උෂ්ණත්වය පවතින ගොඩනැගිලිවල පන්ති කාමර තාවකාලික ගොඩනැගිල්ලකට මාරු කරන්නැයි ද

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

menu
menu