සතොස අඩුකල බඩු මිල  

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.


ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.

එමෙන්ම, අද සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙනි.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවය.

ලංකා සතොස මිල පහල දැමූ අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

menu
menu