රාජ්‍ය ඇමති චාමර ගමන්ගත් සුඛෝපභෝගී රථය  ගිනිගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් ජීප් රථය කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
ඒ, අද අලුයම 12යි 45ට පමණ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදීයි.
රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් ගන්නා අතරතුර ඔහුගේ රථය එලෙස ගිනි ගැනීමට ලක්වී ඇති බවයි වර්තා වන්නේ
බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, ඇල්ල පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවාදමා තිබෙනවා.
අප කළ විමසමකදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් සඳහන් කළේ ඔහුට කිසිදු හානියක් නොමැති බවයි
menu
menu