ඊශ්‍රායලය ඉරාන ගැටුම  අතරේ ඉරාන ජනපති ලංකාවට එන හේතුව 

කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් විවෘත කිරීමට අපේක්ෂා නියමිත බව වර්තා පල වෙනවා
ඉරාන ජනාධිපතිවරයා 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙන්නේ
ඉරානයේ ටෙහෙරාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉරාන සමාගම්වල විශිෂ්ටතම තාක්ෂණික සහ ඉංජිනේරු සේවා ව්‍යාපෘතියක් ලෙස සැළකේනේ
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් කොළඹ නගරයේ සිට කිලෝමීටර් 200ක් දුරින් පිහිටා තිබෙනවා
ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කෘෂිකාර්මික ඉඩම් අක්කර 5000ක වාරිමාර්ග වැඩිදියුණු කිරීම, ජලය ඝන මීටර් මිලියන 145ක් හුවමාරු කිරීම සහ වසරක් තුළ ගිගාවොට් 290ක විදුලිය ජනනය කිරීමයි.
menu
menu