කොත්තු කන්න ආපු විදේශිකයාට තර්ජනය කෙරෑ කඩ හිමිකාරයා අත්අඩංගුවට

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාර වල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු විසින් එම විදේශීය ජාතිකයාට බැන වදිමින් තර්ජනය කිරීම සම්බන්ධව විමර්ශන පැවැත්වූ පොලීසිය විසින් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 51ක් වන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අදාල සැකකරු අද (17) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
menu
menu