ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ලොකු වැඩකට සූදානම් වෙයි

ඉරානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
ඒ අනුව ඉරානයේ මිසයිල වැඩසටහනට එරෙහිව සම්බාධක පනවන ලෙස ඊශ්‍රායලය රටවල් රැසකින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් පවසා ඇත්තේ ඉරානයට එරෙහිව සම්බාධක පනවන්නැයි ඉල්ලමින් තමන් රටවල් 32කට ලිපි යොමු කළ බවයි.
ඉරානය මැඩලීමේ සහ දුර්වල කිරීමේ මාර්ගයක් ලෙස එය ක්‍රියාවට නංවන බවද ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි ඊශ්‍රායලය මෙම ක්‍රියාමාර්ගයට එළඹී ඇත්තේ.
ඉරානය ඉකුත් සෙනසුරාදා ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 300ක් පමණ ඊශ්‍රායලය වෙත එල්ල කළේ සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පළි ගැනීමක් ලෙසයි.
කෙසේවෙතත් එම ප්‍රහාරවලින් සියයට 99ක්ම ඊශ්‍රායලයේ ස්වයංක්‍රීය මිසයිල ආරක්ෂණ පද්ධතිය මගින් ව්‍යර්ථ කර තිබුණා.
menu
menu