ඕම් ෆහාඩ් නැමැති කාන්තාව ඝාතනය කර තිබෙනවා

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක් වන ඕම් ෆහාඩ් නැමැති කාන්තාව ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇය ඝාතනය කර ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබෙනවා.
ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් ඕම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ
menu
menu