සජිත් - රනිල් එකතුවන බවට අනුර ස්විඩනයේ       දී කළ ප්‍රකාශයට සජබයෙන් උත්තර

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව කටයුතු කිරීමට කිසිදු අදහසක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.

ස්විඩනයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එරට පැවති ජන හමුවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙම අදහස් පළකළා.

එම ජන හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ජනාධිපතිවරණයට තරඟ කරනු ඇති බවයි.

menu
menu