අංගොඩ ලොක්කාගේ ගෝලයකුට  ගුවන්තොටුපලේදී  සිදුවුණු  දේ  

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු නො. 214/එස්, දෙලිගහවත්ත, අංගොඩ, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි අවුරුදු 47ක් පමණ වන පුද්ගලයෙකු වන අතර මෙම සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය මගින් හදුනාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මොහු පාතාල අපරාධ කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණය වී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ⁣මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙක්ද වනවා
menu
menu