අත්ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටෙයි

කොස්ගොඩ, දුවේමෝදර දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ අත් ට්‍රැක්ටරයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා
එම අනතුර සිදුව තිබුණේ මාතර සිට මරදාන බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙනි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අත් ට්‍රැක්ටර් රථයේ රියදුර හා එහි ගමන් ගත් පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් ඇත්තේ
අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පැවසුවේ .
අනතුරින් මියගොස් ඇත්තේ, දෙහිගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙක්
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
menu
menu