LTTE ය  ගැන ඉන්දියාවෙන් විශේෂ  දැනුම්  දිමක් 

ඉන්දීය රජය, LTTE ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ LTTE සංවිධානය තවමත් සක්‍රීය බවයි.
තවදුරටත් LTTE සංවිධානය ඉන්දියාවේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බවයි ඉන්දියාව පවසන්නේ.
2009 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී LTTE සංවිධානය පරාජය කෙරුණා.
එහෙත් ඔවුන් සිය ඊළාම් සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
LTTE සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම මෙන්ම ඊළාම් සංකල්පය සඳහා රහසිගත අයුරින් කටයුතුවල නිරතවන බවද ඉන්දියාව පවසනවා.
LTTE සංවිධානය ඉන්දියාව තුළ මෙන්ම විශේෂයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ජනතාව අතර සිය බෙදුම්වාදී මතය අඛණ්ඩව ප්‍රචාරය කරන බවයි ඉන්දියාව පවසා ඇත්තේ.
එය අවසානයේ සමස්ත ඉන්දීයාවේ භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ලකර ඇති බව ඉන්දියාවේ අදහසයි.
එබැවින් LTTE සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් දීර්ඝ කිරීමට තීරණය කළ බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.
menu
menu