සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්    

අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිම සදහා ඊයේ දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
එම සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනි සිටිම සදහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සදහන් කර ඇති බව පොලිසිය පැවසුවා.
ගිනිගත්හේන අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, විභාග අතුරුදහන් වු බව පවසන සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බව විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක තිබෙනවා.
ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි තිබෙනවා.
අතුරුදහන් වු බවට පවසන සිසුවියන් දෙදෙනාගේ ඡායාරුප මේ වන විටත් සියළුම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ගිනිගත්හේන පොලිසිය ආරම්භ කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
menu
menu