ඉදිරි සතිය ගැන බය හිතෙන ආරංචියක් සැලකිලිමත් වන්න  

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ" හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
ඉදිරි සතියකට වලංගු වන පරිදි "සැලකිලිමත් වන ලෙස" දන්වමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර, සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවයි
මුහුදු ප්‍රදේශවලත් තද සුළං සමගින් තද වැසි පැවතිය හැකි බව සඳහන්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව මහජනතාවත්, ධීවර සහ නාවීක ප්‍රජාවත් අවධානයෙන් පසු වන ලෙස යි ඉල්ලා සිටින්නේ
menu
menu