අතුරුදන් වූ පුද්ගලයෙකු වසර 26 කට  පසුව අසල්වැසි නිවසකින් සොයාගැනේ 

ඇල්ජීරියානු සිවිල් යුද්ධයේදී අතුරුදන් වූ පුද්ගලයෙකු වසර 26කට පසුව සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ මෙම පුද්ගලයාව අසල්වැසියෙකු විසින් සිරකරුවෙකු ලෙස රඳවා ගෙන සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පලා යාමට උත්සහ කිරීමේදී අදාළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු 61 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වන විට ඕමාර් බින් ඔම්රාන් නමැති පුද්ගලයා නව යොවුන් වියේ පසු වූ බවට සඳහන්.

සැකකරු හුදෙකලාව ජීවත්ව ඇති අතර මිට පෙර ඔම්රාන්ගේ සුනඛයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කර තිබෙනවා.

ඔම්රාන්ව ඔහුගේ නිවසට මීටර් 200ක් දුරින් පිහිටි ස්ථානයක රඳවාගෙන සිටියදී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

සොයා ගන්නා විට ඔහු 45 හැවිරිදි වියේ පසු වූ බවට සඳහන්.

මේ වන විට ඔහු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ සමීප ඥාතීන්ට පමණක් ඔහු බැලීමට අවසර ලබා දී ඇති බවයි අනාවරණය වුයේ.

ඔහුට ඔහුගේ පවුලේ කිසිවෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර පවතින සමාජ තත්ත්වයට හුරු වීම සඳහා ඔහුට ප්‍රමාණවත් කාලයක් ගත වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම පුද්ගලයාව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර විශේෂ මානසික සෞඛ්‍ය වාට්ටුවකට මාරු කර තිබෙනවා.

ඔහුගේ ඥාතීන් සඳහන් කලේ ඔම්රාන්ගේ නැවත පැමිණීම “ආශ්චර්යයක්” බවයි.

කෙසේ වෙතත් එරට රජය සඳහන් කලේ විසින් මෙම සැකකරුට දැඩි දඬුවම් ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඔමාර් සිරගතව සිටියදී උදව් ඉල්ලා නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වී ඇති බවයි

menu
menu