ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා සමඟ එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහින් ඇතුළු සියලුදෙනා මියගොස් ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම හෙලිකොප්ටර් යානයේ පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර තිබෙනවා.

නැගෙනහිර අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයකදී එම හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩාවැටී ඇති ස්ථානයේ එම යානයේ සුන්බුන් පවතින ආකාරය දැක්වෙන දර්ශනද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

menu
menu