පානීය ජලය එලවළු පලතුරු භාවිතයට කලින් මේ දේ කරන්න

අයහපත් කාලගුණික තත්ත්වය බලපෑම හේතුවෙන් බෝ වන රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් මේ දිනවල ජලය පානය කිරීමේදී හා ආහාර ගැනීමේදී වඩාත් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන පවසනවා. ජලය භාවිතයට ගැනීමේදී උණු කරගත් ජලය භාවිතා කරන ලෙසයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන කතාවකින් ඉල්ලා සිටින්නේ
මෙම දිනවල අමු එළවළු සහ පලා වර්ග අනුභව කිරීමෙන් හැකිතාක් වැළකීම ඉතා සුදුසු බවයි ඇය තව දුරටත් කියා සිටියේ.
menu
menu