ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වැඩි කරමින් දකුණු අප්‍රිකානුවන් නෙදර්ලන්තය පරාජය කරයි

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 36ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුකණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 201ක් රැස්කර ගත්තා.

එහිදී ඕස්ට්‍රේලියාකණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් පන්දු 16කදී හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 02ක් සමඟින් වේගවත් ලකුණු 39ක් ලබාගත් අතර ටැවිස් හෙඩ් පන්දු 18කදී හයේ පහරවල් තුනක් සමඟින් ලකුණු 38ක් රැස්කළා.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ජෝඩන් කඩුලු 02ක් ලබාගත්තා.

ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ඒ අනුව ඕස්ට්‍රේලියාකණ්ඩායමට ලකුණු 36ක පහසු ජයක් හිමිවුණා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියට අදාළව නෙදර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසනායේදී කඩුලු 09ක් දැවී ලකුණු 103ක් ලබාගත්තා.

ලකුණු 104ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩුලු 04 ලකුණු 12ක් තුළදී බිද හෙළමින් නෙදර්ලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කරමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය ප්‍රමාද කළා.

කෙසේවෙතත් පීඩනය මැද හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් පන්දු 51ක් තුළදී හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 03ක් එල්ල කරමින් නොදැවී ලකුණු 59ක් ලබාගනිමින් සිය කණ්ඩායම 18වන පන්දු වාරයේදී ජයග්‍රහණය කරා රැගෙන ගියා.

menu
menu