උද්දික ප්‍රේමරත්නගේ නිවසට වෙඩි තැබීමේ නාට්‍ය හෙළි වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවසට වෙඩි තැබීම සැලැසුම් සහගතව සිදු කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නාහාල් තල්දූව මහතා කියා සිටියේ, මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවටයි
හිටපු මන්ත්‍රීවරයා සහ අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක් වී මෙය සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළා.
ඊට සම්බන්ධ යැයි සැකකරන සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා මේ වනවිට විදේශගත වී ඇති බව සඳහන්.
ඊට අදාළ නිසි අවසරය ලබාගෙන නොමැති බව ද නිහාල් තල්දූව මහතා පැවසුවේ
එම සහකාර පොලිස් අධිකාරීවරයා සහ මන්ත්‍රීවරයා එම ප්‍රහාරය සැලසුම් සහගතව කර ඇති බවට සිදු කළ පරික්ෂණ වලදි අණාවරනය වි ඇත්තේ
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයා, බිරිය සහ දරුවන් මෙසේ විදේශගතව ඇති බව විමර්ශනයේ දී හෙළි වු බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපළට ගොස් සිය ගිනි අවිය කිසිවකු අතේ සේවා ස්ථානයට එවා ඇති බව ද සඳහන්.
menu
menu