දින 16ක්  සුරාසැල් වැසෙයි හේතුව  මෙන්න

ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම හේතුවෙන්.
බලපත්‍රලාභී සුරාසල් උත්සව කාලය තුළ වසා දැමීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි, මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ඇසළ පෙරහර කඳවුර භාර නිලධාරි පසන් රත්නායක මහතා පැවසුවේ
කතරගම ඇසළ පෙරහර මංගල්‍යය සඳහා මෙවර ද උතුරු, නැගෙනහිර සිට කුමන හා යාල ජාතික වනෝද්‍යානය හරහා පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු බැතිමතුන් පැමිණීමට නියමිතයි.
menu
menu