කොහුවල මංසන්ධිය හරහා යන රියැදුරන්ගේ අවධානයට

හෙට (15) සිට කොහුවල මංසන්ධිය මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
ඒ, කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් බවයි අප කල විමසුමකදී පොලිසිය පැවසුවේ .
මාස 02ක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ
ඒ අනුව එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියැදුරන්ට දැනුම් දී ඇත්තේ.
අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.
menu
menu